Stay up to date with me

News & Events

නිරෝෂා විරාජිණී අලූත් වෙච්ච හැටි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිරෝෂා විරාජිණී ගෙ ජීවිතයේ අලූත් අලූත් දෑ සිදුවෙමින් පවතින බවට ආරන්චි කිහිපයක්ම ලැබුනා . ඇයට අලූත් රජයේ පත්වීමක් ලැබිලා කියලත් ආරන්චි වුනා .මේ සියලූ ආරන්චි පිළිබඳ ඇත්ත ඇති හැටියෙන් දැන ගන්න අපි නිරෝෂාට කතා කළා.

නිරෝෂා ගෙ ජීවිතේ අලූත් අලූත් දේ සිදුවෙනවා කියලා ආරන්චියක් ආවා මොනවද මේ අලූත් දේවල්?
අපි මනුෂ්‍යයන් හැටියට දවසින් දවස අලූත් වෙනවා තමයි. ඒ අලූත් වීම් අතර වෘත්තීය ක‍්‍රියාකාරකම් කිහිපයක් ආරම්භ කරන්න සැළසුම් කරලා තියෙනවා.

විරාජිණී නමින් මගේ සංගීත ප‍්‍රසංගයක් මේ වසරේ සැප්තැම්බර් 13 දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පවත්වන්නට සැළසුම් කරලා තිබෙනවා. මෙහි සංගීත කටයුතු සඳහා මහේෂ් දෙණිපිටිය ඇතුළු පිරිසක් දායක වෙනවා. විරාජිණී ප‍්‍රසංග කලාවේ නව අද්දැකීමක් වේවි.

මෙම ප‍්‍රසංගය සඳහා විවිධ ක්‍ෂෙත‍්‍රවලට සම්බන්ධ මගේ සමීප මිතුරු කණ්ඩායමක් මේ වනවිටත් සැළසුම් ක‍්‍රියාත්මක කරමින් ඉන්නවා. සංවිධායකයින් විරාජිණී ප‍්‍රසංගය කොළම ඇතුළුව යාපනය, රත්නපුර, මහනුවර ,අනුරාධපුර ,බණ්ඩාරවෙල, ගාල්ල ,මාතර, ගම්පහ, මීගමුව වැනි ප‍්‍රදේශ රැසක දර්ශණ වාර 10 පවත්වන්නට කටයුතු සැළසුම් කර තිබෙනවා .මේ වනවිට යාපනය, කොළඹ, රත්නපුර, අනුරාධපුර සහ මහනුවර දින වෙන්කොට අවසන්.

ඔබට නව රජයෙන් පත්වීමක් ලැබිලා තිබෙනවා කියන කතාව ඇත්තද?
මේ රටේ වසර ගණනාවක සිට පැවතුන දේශපාලන ක‍්‍රමය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිව මේ රටේ සමස්ත ජනතාව විශාල පීඩනයකට හසුව හිටියා. මමත් මේ රටේ ජීවත්වන මනුෂ්‍යයෙක් හැටියට ඒ අවස්ථාවේ මගේ වගකීම ඉෂ්ඨ කරන්න මැදිහත්වුනා. මම පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී හිටයෙ නැහැ. නමුත් ක‍්‍රමය වෙනස් කරන්න මේ රටේ කලාකාරිණියක හැටියට දායකත්වය ලබාදුන්නා. ඒ කිසිම පෞද්ගලික ලාභ අපේක්‍ෂාවකින් යුතුව නෙමේ.

පත්වීම් විවිධා කාරයිනෙ මාසික වේතනයක් ලැබෙන පත්මක් මම ලබාගෙන නැහැ. නමුත් මා වෙත තරුණසේවා සභාවේ අධ්‍යක්‍ෂ ධූරයක් පිරිනමලා තිබෙනවා. එය එහි සභාපතිවරයා විසින් මා වෙත ලබාදුන්නක්. එය පත්වීමක් ලෙස අර්ථ දක්වන්න පුළුවන් ද දන්නෙ නැහැ. හිතවත් කිහිප දෙනෙක්ම පැවසුවේ එය බාරගෙන යහපත් යමක් කිරීමට දායක වන ලෙසයිි.

ඒ අනුව මේ රටේ විවිධ ප‍්‍රදේශවල සිටින සංගීතය පිළිබඳ දක්‍ෂතා ඇති නවක තරුණ කොටස් සඳහා යම් මග පෙන්වීමක් මේ තුළින් කිරීමට හැකිවෙතැයි මා විශ්වාස කරනවා. අපි දැනටමත් මේ පිළිබඳව නිරීක්‍ෂණ චාරිකා කිහිපයක්ම කළා. නව සැළසුම් පිළිබඳව සාකච්ජා කළා .විදෙස් රටවල ප‍්‍රවීණයන් ද සම්න්ධ කරගෙන විවිධ වැඩමුළු, දේශණ, ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් අද්දැකීම් ලබාදෙන්න අපි සැළසුම් කරගෙන යනවා.

ඒ වගේම මගේ වෘත්තීය ක්‍ෂෙත‍්‍රයට සම්බන්ධ සමස්ථ ගායක ගායිකාවන් සංගීතවේදීන් සහ ගීත රචකයින් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාගැනීම සඳහා විශේෂ ඉල්ලීමක් කළා බළධාරීන්ගෙන්. ජනමාධ්‍ය ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු වගකිවයුත්තන් සමග සාකච්ජා වට කිහිපයක්ම පවත්වලා අපේ ක්‍ෂෙත‍්‍රයේ අයට රෝයල්ටි එක අරන් දෙන්න අවශ්‍ය පසුබිම සකස්කළා. ඇත්තෙන්ම ඒ සම්බන්ධව මූලික කටයුතු මේ වනවිට ආරම්භ කරලා තිබෙනවා .බොහෝ දේ වේගයෙන් සිදුවෙන්නෙ නැතිවෙයි .නමුත් මම පෞද්ගලිකවම ස්වාධීන පුද්ගයෙක් ලෙස මෙම කටයුතු පිළිබඳ නිරන්තරයෙන් හැකි අයුරින් සොයා බලනවා.

වෘත්තීය මට්ටමින් මොනවද අලූත් දේ?
මගේ ප‍්‍රථම සංගීත අධ්‍යක්‍ෂණය කළ සිනමා නිර්මාණය 'සිනහව අතරින්' මේ මස 30 දින තිරගත වීමට නියිමිතයි . තව චිත‍්‍රපට දෙකක් සඳහා සංගීත අධ්‍යක්‍ෂණය කරන්න ආරාධනා ලැබිලා තියෙනවා .දමිළ සහ සිංහල ගීත කිහිපයක් අලූතින් කරන්න සැළසුම් කරලා තියෙනවා. ඒ සියල්ල අතරතුර සංගිත ප‍්‍රසංග කිිහිපයක් වෙනුවෙන් මැයි මාසයේ බංග්ලාදේශයේත්, සැප්තැම්බර් ඩුබායිහීත්, ඔක්තෝබර් ස්විට්සර්ලන්තයේත් සංචාරය කිරීමට නියමිතයි.

සිනහව අතරින් මාධ්‍ය දැක්ම පසුගියදා පැවැත්වීමෙන් පසු නවක සංගීත අධ්‍යක්‍ෂිකාවට ලැබුණ ප‍්‍රතිචාර කොහොමද?
ඇත්තෙන්ම හොඳ ප‍්‍රතිචාර ලැබුනා .මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඇතුළු ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීණයන්ගෙන් හොඳ ප‍්‍රතිචාර ලැබුනා.

ඔබ සෑහීමකට පත්වෙනවද?
ඕනෑම අයෙකුට හිතෙනවා දැනෙනවා වගේ මටත් හිතුනා තව යමක් කරන්න තිබුණා කියලා. නමුත් මා ඉන් අදහස් කරන්නෙ නැහැ මම චිත‍්‍රපටයට සාධාරණත්වයක් කළේ නැහැ කියලා. මම ඊට අවශ්‍ය දේ කළා. ලැබුණ පතිචාර තුළින් මා සතුටට පත්වෙනවා. මගේ ඊළග නිර්මාණ තුළදී මම මගේ හිතට එකගව මට දැනෙන යම් අඩුපාඩු තිබෙනවානම් ඒවා සකස් කරගෙන කටයුතු කරනවා .මෙය මගේ ආරම්භය පමණයි.

ගායිකාවක් ලෙස ක්‍ෂෙත‍්‍රය තුළ හඳුනාගෙන සිිටින නිරෝෂාට සංගීත අධක්‍ෂණය අභියෝගයක් ද?
වෙනස්ම විදිහෙ අභියෝගයක් .නමුත් මා ඊට ඉතා කැමතියි. මට මේ වනවිට ලැබී ඇති චිත‍්‍රපට දෙ වාණිජ චිත‍්‍රපටයක් සහ මැද මාවතේ චිත‍්‍රපටයක්. යම් තිගැස්මක් සහ බියක් තියෙනවා .මොකද ඒ චිත‍්‍රටවල හැම රූප රාමුවක් සඳහාම වගකීමක් සහ අභියෝගයක් තිබෙනවා. මා ඊට ඉතා වගකීමෙන් යුතුව මුහුන දෙනවා .දෙයක් බැහැ කියලා පස්සට දානවට වඩා එය පුළුවන් කියලා විශ්වාසයෙන් සහ අවබෝධයෙන් යුතුව කරන එක තමා වටින්නේ. මම හිතන්නෙ එහෙම.

දමිළ ගී ගායනය ඔයාට අලූත් දෙයක් නෙමෙයි නමුත් ඔබ අලූතින් ගීත කිහිපයක් කරන්න සූදානම්වන බව කිව්වා
එකම රටක ජීවත් වන මිනුසුන් කොට්ඨාසයක් වන අපි අතර යම් යම් දුරස් වීම් සිදුවෙලා තිබුන. අදටත් ඒක තියෙනවා. යුද්ධෙ නිමාවුනත් මේ පෑරණු හිත් සුවපත් කරන්න අපිට වඩාත් සමීප විය හැක්කේ කලාව තුළින් ක‍්‍රිඩාව තුළින් කියලා මම විශ්වාස කරනවා. ගායිකාවක් හැටියට මට කරන්න පුළුවන් ඔවුන් ට ඔවුන්ගෙ භාෂාවෙන් ගී ගයන එක.

මම පසුගිය දිනක යාපනයෙ ගියා සංගීත කටයුතු කිහිපයක් වෙනුවෙන් මා එහිදී දෙමළ භාෂවෙන් ගී ගැයුවා .ඔවුන් ඉතා සතුටට පත්වුනා .මට ඔවුනගේ භාෂාව හොඳින් හැසිරවීමට හැකියාවක් තිබෙන නිසා ඔවුන් ව තේරුම් ගන්න පුළුවන්. කව්රුවත් කිසිවක් නොකරන මොහොතක මට හැකි දේ මම පටන් ගන්න ඕනෙ කියලා මට දැණුනා.

ඔබ ගයන ගීතවල අන්තර්ගතය?
පේ‍්‍රමය නෙ අපි මේ වපුරන්න හදන්නෙ . ඔවුන්ගේ හදවත් සුවපත් කරන්න හැකි දෙයක් කරන්නයි මා සූදානම් වෙන්නෙ. සංවේදී තැන් හුගක් තියෙනවා .මම දැනට ගීත දෙකක් පමණයි කරන්න සූදානම් වන්නේ .විරාජීණී ප‍්‍රසංගය 2016 ජනවාරි 16 දා යාපනයේ පවත්වන විට මම මගේ දෙමළ ගීත ඇතුළුව තවත් දෙමළ ගීත ගයනවා ඔවුන් වෙනුවෙන්ම. අපි අතර සබඳතාව වර්ධනය කරගැනීම සඳහාම.

ඒ වගේම මා විසින්ම සංගීත අධක්‍ෂණය කරන සිංහල ගීත කිහිපයකුත් නිර්මාණය කරමින් සිටිනවා දිලීප අබේසේකර ඇතුළු ගීත රචකයින් කිහිප දෙනෙක්ගෙම. මේ ගීත විරාජීණී ප‍්‍රසංගයට පෙර එළිදක්වන්න කටයුතු කරන්නයි අරමුණ.

ගීත ප‍්‍රචාරය කරගැනීම දැන් මුදල් ඕනෙලූ නේද?
මටනම් එහෙම ලොකුවට බලපාලා නැහැ. මුදල් දීලා ගීත ප‍්‍රචාරය කරගන්න වෙලා තිබෙනවා. හුගක් අයට එහෙම වෙන්නේ මම හිතන විදිහට අලූතින් ගායන ක්‍ෂෙත‍්‍රයට එන අයටයි. මට තාම එහෙම වෙලා නැහැ.

අලූත් පරපුර ගැන ඔයාගෙ අදහස මොකද්ද?
අද හුගක් අයට අවස්ථාව විවිධ මාධ්‍ය තුළින් ලැබිලා තිබෙනවා. සමහරු යමක් කරන්න උත්සාහ කරනවා. හොඳ දේවල් පවතිනවා. අදටත් අපි රසවිඳින්නේ මේ වනවිට ප‍්‍රවීණයන් විසින් කරන ලද හොඳ නිර්මාණ. පරම්පරා කීයක් මේ රස විඳගන්නවද.

අද රසවිඳින ගීයක් සතියෙන් දෙකෙන් හුගක් අයට අමතකයි. සමහර වෙලාවට ගායකයා හෝ ගායිකාව කව්ද කියලා නම දන්නෙත් නැතිතරමට අමතකයි. ගීතය, සංගීතය කලාවක් .අපි කරන දෙයක් මිනිස්සුන්ගේ හදවතේ රැුදෙන්න ඕනෙ. පොඩි කාලෙකට ජනප‍්‍රිය වෙන්න දෙයක් කරනවට වඩා දිගු කාලයක් පවතින්න දෙයක් කරන්න ඕනෙ. වර්තමාන තරුණ පරම්පරාව තුළ එවැනි ගුණාංග දකින්නට ලැබෙනවා අඩුයි කියලා මට හිතෙන්නෙ.

ඔයත් දැන් නිව් මීඩියා සමග ගනුදෙනු කරන්න පටන් අරන් නේද?
ජනතාව අතරට යන්න විවිධ දේ උපයෝගී කරගන්නවනෙ. ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන්න, අලූත් මාධ්‍ය භාවිතාව ඉතා ප‍්‍රයෝජනවත්. මම කැමතියි මේ නව තාක්‍ෂණය සමග ගනුදෙනු කරන්න. ඉගෙන ගන්න ඒ වගේම තොරතුරු සම්පාදනය කරගන්න අලූත් අලූත් දේ ඉතා ඉක්මණින් දැනගන්න මේ තුළින් හැකියාව ලැබෙනවා.

ඉතින් මේ වනවිට මගේ ෆෑන් පේජ් එකක් ආරම්භ කරලා තිබෙනවා ඒ වගේම විකිපීඩියා එකක් සම්පාදනය කරමින් යනවා. මීට කලිනුත් මගේ රසිකයෙක් විසින් රසික පිටුක් ෆේස්බුක් හරහා පවත්වාගෙන ගියා. නමුත් මම අලූත් එකක් යළිත් සකස් කරලා එය යාවත්කාලීන කරමින් යනවා.

ඔබ සතුටින්ද?
ඔව්. සැබැවින්ම අනිවාර්යයයෙන්ම මා සතුටින්. අසතුටට පත්විය හැකි දේවල් වළින් හැකි පමණ දුරස් වෙලා සතුට විඳිමින් අනිත් අයටත් හැකි පමණ උදව් උපකාර කරමින් උපේක්‍ෂාවෙන් ජීවිතය දිහා බලන්න පුළුවන් ශක්තිය මම වර්ධනය කරගෙන තිබෙනවා.

(සංවාද සටහන- මනෝහාරී හේවාවාසම්)

PRE-BOOK SESSION

Book Your
Tickets Now!

Write to us at mail or phone.
You can also contact us through the site.

Media Bronze 01

nirosha2

Or Subscribe Here
to get notified about Strings Events..

© Nirosha Virajani, All Rights Reserved. Designed By Vishmitha.com

Search